අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා.
මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.
එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 50ක් වූ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා බව පොලීසිය පවසයි.
