Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහත් ආන්දෝලනයක් ඇති කළ කහවත්තේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක්

1 year ago

කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක කාලයක් ඇතුලත ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජාතික පොලිස් කොමිසම විසින් ලිඛිතව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

කහවත්ත ප්‍රදේශයේ දී පසුගිය මස 30 වන දින නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තැබීමක් සිදුකර තිබු අතර එහිදී 22 හැවිරිදි තරුණයෙකු මිය ගියා.

තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසියට ද චෝදනා එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිසම පැවසුවා.