රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අද (07) දින ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද රෝමන් ස්ටාරොවොයිට් සිය පෞද්ගලික මෝටර් රථය තුළදී සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර ප්‍රධාන උපකල්පනය වී ඇත්තේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවය.
කෙසේ නමුත් පුටින් ඔහුව ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
ප්‍රවාහන අමාත්‍ය ධූරයට පත්වීමට පෙර ඔහු කර්ස්ක් ඔබ්ලාස්ට් හි ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළේය.
