Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොබෙල් සාම ත්‍යාගයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමත්

1 year ago

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කරමින් ඒ සඳහා වන නාමයෝජනා ලිපියක් ට්‍රම්ප්ට භාර දී තිබෙනවා.

එක්සත් ජනපද සහ ඊශ්‍රායල නිලධාරීන් අතර රාත්‍රී භෝජන සංග්‍රහයක ආරම්භයේ දී මාධ්‍යවේදීන් අමතමින් නෙතන්යාහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ හමුව අතරතුර ගාසාහි සටන් විරාමය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.