තවත් ලක්ෂ 2ක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර ගන්නා බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි.
ඒ සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් සමාජ සේවා නිලධාරීන් මාර්ගයෙන් සිය අයැදුම්පත් යොමුකළ යුතු බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කරයි.
මේ අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට වැඩිහිටියන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීය.
