Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් දැනුම්දීමක්

1 year ago

නීත්‍යනුකූල මාංචු පාවිච්චිය හෝ ළඟ තබා ගැනීම සිදු කළ හැක්කේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පවත්නා ආයතනවල නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.

සිළුමිණ පුවත්පත වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ, වෙනත් පුද්ගලයන් එවැනි මාංචු පාවිච්චි කිරීම හෝ ළඟ තබා ගැනීම නීතිවිරෝධි බවයි.

එසේම එවැනි අත්මාංචු ළඟ තබාගැනීම, භාවිතය පමණක් නොව නිෂ්පාදනය ද නීති විරෝධි බවත් නීත්‍යනුකූල අත්මාංචු මෙරට තුළ නිෂ්පාදනය කළ හැක්කේ රාජ්‍ය මට්ටමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය ඔස්සේ පමණක් බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.