Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගෙන් බ්‍රසීලයට තර්ජනයක්

1 year ago

බ්‍රසීලයට සියයට 50ක ආනයනික තීරු බද්දක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.

බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන් වූයේ තීරුබදු අගෝස්තු 1 වන දින සිට ආරම්භ වන බවයි. 

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයීර් බොල්සොනාරෝට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව විවේචනය සිදු කරමින් ට්‍රම්ප් දැනුම් දී ඇත්තේ වහාම එම විමර්ශන අවසන් කළ යුතු බවයි.

එමෙන්ම පසුගියදා පැවති බි්‍රක්ස් සමුළුවේදී අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා විවේචනාත්මක අදහස් පළ කර තිබුණා.