Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත් වූ සිසුන් ගැන දැනුම්දීමක්

1 year ago

2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළා. 

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, එම ප්‍රතිශතය 4.15%ක් බවයි. 

මේ අතර 2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් අසමත් වූ අපේක්ෂකයන් ප්‍රතිශතය 2.34%ක් බව ද ඇය සඳහන් කළා. 

එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සමස්ත විභාග අපේක්ෂකයන් 425,152 අතුරින් උසස් පෙළ පන්ති සඳහා සිසුන් 237,026ක් සුදුසුකම් ලැබූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.