Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැප්තැම්බරයේ මාසයේ සිදුවන වෙනසක් ගැන ජනපතිගෙන් ඉඟියක්

1 year ago

අතීතයේ රටක සංවර්ධනය මැනීම විශාල ගොඩනැගිලි ඉදිකිරීම මත සිදු වුවද, වර්තමානයේ රටක සංවර්ධනයේ මිනුම් දණ්ඩ බවට පත්ව ඇත්තේ තාක්ෂණය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක් සිදුකිරීම රජයේ මූලික සැලැස්මක් බවද පැවසීය.

ඒ වෙනුවෙන්, පුරවැසියන් තුළ සංස්කෘතික වෙනසක් ඇති කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා, එළැඹෙන සැප්තැම්බර් මාසය රට තුළ ඩිජිටල් සංස්කෘතියක් ඇති කිරීමේ මාසය ලෙස ප්‍රකාශයට පත් කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සැලසුම් කර තිබෙන බවද පැවසීය. 

ඩිජිටල් ලෝකය තුළ අපේ රට නව අනන්‍යතාවකින් හඳුනාගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි නව පිම්මක් සනිටුහන් කරනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (11) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.