Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් දකුණු පළාත කප් එක ගහයි! එක් එක් පළාතේ සමත් ප්‍රතිශත මෙන්න!

1 year ago

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පෙරේදා (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී , පසුගිය වසරේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

2024 වර්ෂයේ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.

එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය. එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි.

සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසූ අතර, එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක්ය.

ඒ අනුව එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත

බස්නාහිර  – 74.47%
මධ්‍යම  – 73.91%
දකුණු  – 75.64%
උතුරු  – 69.86%
නැගෙනහිර  – 74.26%
වයඹ  – 71.47%
උතුරු මැද  – 70.24%
ඌව  – 73.14
සබරගමුව – 73.47%