නිරූපන ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකඩ පොලිසිය සඳහන් කළේ, ඔහුව අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහත සඳහන් කළේ, රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් වන චෝදනාවකට පියුමි හංසමාලිගේ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අත්අඩංගුවට ගැනුණු සැකකරු අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට මේ වනවිට රැගෙන ගොස් ඇති බවයි.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ මාධ්‍යට කියා සිටියේ, හිසට සහ අතට හෙල්මට් පහරවල් 10ක් පමණ වැදී ඇති බවයි.
