Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියාවට පහරදීමට ප්‍රේටියම් මිසයිල ලබාදීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

1 year ago

යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙසයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” යනුවෙන් සඳහන් කරන ට්‍රම්ප්, මේ නිසාවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබාදීම අත්‍යාවශ්‍ය බව ද සඳහන් කරයි.

ලබාදෙන මිසයිල ප්‍රමාණය පිළිබඳව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ සඳහා වන අරමුදල් නේටෝව විසින් සපයනු ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.