Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල්වල සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි! අධ්‍යාපන අමාත්‍යාංශය ගැනීමට සැරසෙන තීරණය මෙන්න!

1 year ago

පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙනවා.

අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

එහෙත් ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එය මෙරට ගුරු තුලනය සම්බන්ධයෙන් දැඩිව බලපාන්නක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටිනවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව රට පුරා ගුරුවරුන් තුළනය කිරීමට අමාත්‍යංශය පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.