ඉන්දුනීසියානු ජනාධිපති ප්රබෝවෝ සුබියන්ටෝ සමග පැවති සාකච්ඡාවන්ගෙන් පසු, එක්සත් ජනපදය ඉන්දුනීසියාව සමග වෙළඳ ගිවිසුමකට එළඹ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
Truth Social ගිවිසුම ප්රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, ට්රම්ප් වාර්තාකරුවන්ට පැවසුවේ ඉන්දුනීසියාව අමෙරිකානු අපනයන සඳහා කිසිදු තීරුබදුවක් අය නොකරන ලෙස ඉල්ලා සිටින බවත්, එක්සත් ජනපදය ඉන්දුනීසියානු අපනයන සඳහා සියයට 19ක තීරුබදුවක් පනවන බවත්.
Truth Social හි පසුව පළ කළ සටහනක දී ඔහු පැවසුවේ ගිවිසුම “අවසන් කර ඇති” බවයි.
ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමට ට්රම්ප් තීරණය කර තිබේ.
ඉන්දුනීසියාව අමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිලදී ගැනීමට එකඟ වීමෙන් පසුව ට්රම්ප් විසින් මෙම සහනය ලබාදී ඇත.
