යේමන අධිකරණය විසින් අද (16) දිනයේ දී මරණ දඬුවමට නියම කර සිටි ඉන්දීය හෙදියක් වන නිමෂා ප්‍රියාගේ මරණ දඬුවම කල් තබා තිබෙන බව හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කරනවා.
කෙසේවෙතත් ජූලි 14 වැනි දින ඉන්දීය රජය මරණ දඬුවමට ලක් ව සිටින සිය පුරවැසියා මුදා ගැනීම අසාර්ථක වූ බවත් නිවේදනය කළ අතර ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
නමුත් යේමනය හා ඉන්දීය බලධාරීන් මෙන් ම ඉන්දියාවේ ග්‍රෑන්ඩ් මුෆ්ටිගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිමෂාගේ මරණ දඬුවම ක්‍රියාත්මක වීම කල් දමා තිබෙනවා.
කේරළයේ පලක්කාඩ් දිස්ත්‍රික්කයේ කොල්ලෙන්ගෝඩ්හි පදිංචි නිමෂා ප්‍රියාට, 2017 දී යේමන ජාතික තලාල් අබ්රෝ මහ්දි ඝාතනය කිරීමේ චෝදනාව මත කේරළයේ පදිංචි නිමෂා ප්‍රියාට, 2020 දී මරණ දඬුවම නියම වුණා.
