Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ තවත් පොරොන්දුවක් ඉටු වෙයි! “අර්ථ” මුල් පියවර තබයි!

1 year ago

කිසිදු දරුවෙකු අත් නොහළ යුතුය, සියලු දරුවන්ගේ අනාගත යහ පැවැත්ම තහවුරු කළ යුතුය යන, ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙන් සමාජ ගත වූ වත්මන් රජයේ බලවත්ම අපේක්ෂා අතරින් එකක් “අර්ථ” නමින් ඊයේ (15) යථාර්ථයක් බවට පත්වීමේ මුල් පියවර තැබුවා.

ළමා නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථානවල වෙසෙන දරුවන්ගේ ජීවිත නගාසිටුවීමේ අරමුණින් එම දරුවන් වෙත මාසිකව රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වුණා.

දරුවන් වෙත මාසිකව රජය විසින් පිරිනැමෙන රුපියල් පන්දහසෙන් රුපියල් තුන්දහසක මුදලක් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඔවුන් වෙසෙන සුරැකුම් නිවාස භාරකාරත්වය වෙත ලබා දෙන අතර, ඉතිරි රුපියල් දෙදහසක මුදල එම දරුවන්ගේ නමින් බැංකු ගිණුමේ තැන්පත් කරනු ලැබෙනවා.

ඒ ඔවුන් සමාජගතවන අවස්ථාවක ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනික හෝ වෘත්තීය කටයුත්තක් වෙනුවෙන් යොදාගත හැක වන පරිදි ඔවුන් වෙනුවෙන් සිදුකරන ඉතිරි කිරීමක් වශයෙනි.