මියගිය භාතිය හස්තියාගේ දළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
දින 11ක් ජීවිතය බේරා ගැනීමට සටන්කළ මෙම හස්තියා පොල්පිතිගම වතුර වළකදී පෙරේදා (15) පෙරවරුවේ අවසන් හුස්ම හෙළුවා.
ඒ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එම හස්තියාට සති දෙකකට පමණ ඉහත දී එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පාදවලට හා ශරීරයට සිදු වූ බරපතළ තුවාල සමගින්.
කෙසේවෙතත් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව වනජීවී නිලධාරීන් මෙන්ම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ විශේෂඥයින් පැමිණ භාතියට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා.
පෙරේදා (14) පස්වරුව වන විට භාතිය වැතිරී සිටි ඇළය වෙනස් කිරීමට පශු වෛද්‍යවරුන් පියවර ගත්තේ සත්ත්වයාගේ යම් සෞඛ්‍ය මට්ටමේ යහපත් බවක් නිරීක්ෂණය වීම හේතුවෙන් වුවද භාතිය හස්තියා ඊයේ පෙරවරු 8.26 පමණ වන විට ජීවිතක්ෂයට පත් වුණා.
ඉන් පසුව භාතියගේ සිරුර මනා ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක භූමදානය කිරීමටත්, එම සද්දන්තයාගේ හිස කඳින් වෙන් කර ආරක්ෂිත ස්ථානයක වළ දමා පසුව ඇත් දළ වෙන් කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෙත භාරදීමටත් අධිකරණය නියෝග කළා.
