Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දළදා පෙරහර පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි

1 year ago

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25 වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කරන බවයි.

ජුලි මස 30 වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, පෙරහැර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා.