පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (17) ප්‍රකාශ කළාය.
එම විභාගයෙන් දරුවන්ට එල්ල වන බර, පීඩනය සහ ආතතිය අඩු කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
පාසල් අතර පවතින විෂමතාව අවසන් කිරීමකින් තොරව ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම අසාධාරණ බව ද අගමැතිවරිය ප්‍රකාශ කළාය. එබැවින් පාසල් අතර පවතින විෂමතා අවම කිරීමට කටයුතු කළ යුතු බව ද අගමැතිවරිය සඳහන් කළාය.
අගමැතිනිය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කිරීම සඳහා බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී ඊයේ (17) පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි.
