Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් වන අලියෙකුට අවාසනාවන්ත ඉරණමක්! දුම්රියට බිලි වෙයි!

1 year ago

අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද(18) අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල සුදුනෙළුම් ගම ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම වන අලියා ගම්මානයේ සැරිසරමින් සිටි බවත් ප්‍රදේශවාසියෙකු සඳහන් කළා.

එම අවස්ථාවේදී වනජීවී කාර්‍යාලයට ඇමතුමක් ලබා දුන්නද දුරකථන විසන්ධි කර තිබූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. 

මෙලෙස මියගොස් ඇති වන අලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.