ඉතිහාසය සහ සෞන්දර්ය විෂය ධාරාවන් අනිවාර්ය විෂයන් බවට පත් කර ඇත්තේ 09 ශ්‍රේණිය දක්වා පමණක් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
සමාන්‍ය පෙළ විභාගයේදී සෞන්දර්ය හා ඉතිහාසය අනිවාර්ය විෂයන් ලෙස නම් කර නොමැති බවයි ඔවුන් පවසන්නේ.
නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ මගින් ඉතිහාසය සහ සෞන්දර්ය විෂය ධාරාවන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවට රජයට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වෙමින් පවතිනවා.
ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ඉතිහාසය හා සෞන්දර්ය විශයන් ඉවත් කිරීමට කිසිසේත් කටයුතු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ(17) සඳහන් කළා.
