ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් නිමල් බණ්ඩාර මහතා සඳහන් කර අත්තේ, මෙම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදෑසන සිය සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි තරුණයින් පිරිසක් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
බස් රථය ගිනිගැනීමත් සමග එහි දොර අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් එහි ජනෙල් කඩා ඉන් ඉවත් වීමට කටයුතු කර තිබුණා.
නිමල් බණ්ඩාර මහතා පවසන්නේ අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇතත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
එමෙන්ම අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන බවත්, අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවත් ඔහු පෙන්වා දෙනවා.
