Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෑන් රථයක් පෙරළීමෙන් සිව්දෙනෙක් මරුට

1 year ago

මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේ ඊයේ (20) පස්වරුවේ වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ මීගමුව ප්‍රදේශයේ පිරිසකි.

ඔවුන් විනෝද චාරිකාවක් සඳහා මී මුරේ ගම්මානයට ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

එම අනතුර නිසා කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි අයෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම තුවාල ලැබූ අවුරුදු 5 ක දරුවෙකු සහ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය පවසනවා.

අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගැනුණි.