ඉතිහාසය විශේෂ විෂයක් ලෙසින් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නැති බව කියමින් එම විෂයන් ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.
ඊයේ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැමිණි අවස්ථාවේදී උන් වහන්සේ මේ බව පැවසුවා.
