මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව වන රක්ෂිතයේ දිගම්පතාහ ප්‍රදේශයෙන් හමුව තිබේ.
ඒ අතර ඇති ඇත් සිරුරේ දළ ඉවත් කර ඇති බව ද දැකගත හැකි බව වාර්තා වේ.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පශූ වෛද්‍ය කණ්ඩායමක් අදාළ ස්ථානය වෙත යොමු කරන බවයි.
