Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණියකට මරු කැඳ වූ රිය අනතුර

1 year ago

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අද (22) සිදු වූ මාරක අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දංඕවිට හන්දිය ආසන්නයේ වෙළදසැලක් ඉදිරිපිටදී මෙම මාරක අනතුර සිදුව තිබේ.

වරකාපොල දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී එහි පසුපැදිකාරිය මාර්ගයට ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ පසුපසින් ආ ටිපර් රථයක ගැටීමෙන් තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මෙම රිය අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 26ක් වූ සූරියපුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

දංඕවිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර‍යි.