Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පහ ශ්‍රේණිය සිසුන්ට ලබා දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ තිබූ අසභ්‍ය වචන ගැන පරීක්ෂණයක්

1 year ago

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසුන්ට 22 වැනි දින ලබා දුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පැවති මුද්‍රණ දෝෂ හේතුවෙන් තමන් මෙන්ම සිසු දරු දැරියන්ද දැඩි අපහසුතාවයකට පත්වු බව ගුරුවරු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් පවසනවා.

අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් එකසිය දහයක පමණ ළමුන් දෙදහසකට පමණ මෙම ප්‍රශ්න පත්‍රය ලබා දී ඇති අතර එය පසුව නිවරැදි කිරීමට කටයුතු කර ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.