Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොහුව දුටුවහොත් වහාම පොලීසියට දැනුම්දෙන්න

1 year ago

තෑගි පාර්සල් ලබා දෙන බවට පවසා පුද්ගලයින් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් හා අන්තර්ජාලය භාවිතා කරමින් පුද්ගලයින් රවටමින් වංචා සහගත ලෙස බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවාගත් සැකකරුවෙකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

මේ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩුවක් පවත්වාගෙන යනු ලබන නමුත් සිද්ධිය සම්බන්ධ සැකකරු අධිකරණය මගහරිමින් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

විමර්ශනයේ දී අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරුගේ නම: ලියන අතුකෝරලලාගේ දොන් නීරෝෂන් සමීර
ජා.හැ.අ -780232196V
ලිපිනය – අංක 270/6 ඉහළ බෝමිරිය,කඩුවෙල

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ස්ථානාධිපති මූල්‍ය විමර්ශන අංක 02 – 071 8594911
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011 2320140