Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගැබ්බර මුවදෙන දඩයම ගැන එළියට ආ අලුත්ම කතාව

1 year ago

ගලේවෙල – මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂියේදී ගැබ්බර මුවදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලපත්‍ර රහිත ගිනි අවි 03ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (25) දින අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරු දෙදෙනා ඇතුළු තුන්දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි අනෙක් සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඊයේ අත්අඩංගුවට ගත් එක් පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් පුද්ගලයා සොහොයුරන් බවට ද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිතයි.