Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව පොලිස්පති තනතුරට නම් දෙකක් යෝජනා වෙයි

1 year ago

ධුරයේ සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා නම් දෙකක් මේ වන විට යෝජනා වී ඇත.

වර්තමානයේ වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහ මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ නම් මේ සඳහා යෝජනා වී තිබේ.

පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුව වැරදිකරු බවට තීරණය කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය ලබන 05 වැනිදා පවත්වා ඡන්දය විමසීම සිදුකිරීමට නියමිතය.

මෙම යෝජනාව සම්මත වීමට නම් එය වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුයි.