Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස්නාහිරට සහ අධිවේගයට අද සිට Govpay හරහා දඩ ගෙවීම ක්‍රියාත්මකයි

1 year ago

බස්නාහිර පළාත තුළ පනවන රථවාහන දඩ මුදල් (Spot fines) අද (28) සිට GovPay ජංගම යෙදවුම (App) හරහා ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා.

එහිදී ඔහු පැවසුවේ මෙම නව ක්‍රමය මගින් රියදුරන්ට සහ මහජනතාවට දඩ මුදල් ගෙවීම වඩාත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සාම්ප්‍රදායිකව දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්යාල වෙත යාමට සිදුවුවද, GovPay යෙදවුම මගින් ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපාංගයකින් පහසුවෙන් ගෙවීම් කළ හැකියි.

දඩ ගෙවීමේ දී මුදලේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay හරහා දඩ ගෙවිම සිදුකළ හැකි අතර, එමඟින් දඩ ගෙවන පුද්ගලයාට තැපැල් කාර්යාලයට ගෙවන මුදල ඉතිරි වේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය.