Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමා මන්ත්‍රී තාරකගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

1 year ago

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු ඊයේ (27) මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මෝටර් රථයද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 16 වනදා අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණි.

ඒ වන විට අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද යොදවා තිබුණි.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබූ අතර එහිදී එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට නිවසේ  සිටි පොලිස් නිලධාරීන් විසින් ටි 56 වර්ගයේ ගිනි අවි වලින් සැකකරුවන් වෙත වෙඩි තබා තිබූ අතර එහිදී සැකකරුවන් පළා ගොස් තිබිණි.