Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාහුල හිමියන්ගෙන් ඇමති ලාල් කාන්තට තරු විසි වෙන අභියෝගයක්

1 year ago

වන වාසී රාහුල හිමියෝ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාට අභියෝගයක් සිදු කර තිබේ.

ඒ අනුව උන්වහන්සේ පවසන්නේ වැව් රක්ෂිත අවට තියෙන නීති විරෝධී සියලු ඉදිකිරීම් මාස හයක් තුළ හැකි නම් ඉවත් කර පෙන්වන ලෙසයි.

එමෙන්ම උන්වහන්සේ සඳහන් කළේ එම අභියෝගය ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකි බවයි.

උන්වහන්සේ සිදු කළ ප්‍රකාශය පහත උපුටා දක්වා ඇත.

“මම ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග කරනවා, පුලුවන් නම් රජරට තියෙන, උතුරු මැද පළාතේ තියෙන සියලුම වැව් වල වැව් තාවුලු අල්ලාගෙන හදලා තියෙන ගොඩනැගිලි මාස 06 ක් ඇතුළත ඔක්කෝම ඉවත් කරලා පෙන්වන්න බලන්න පුලුවන් නම්, මේක කරන්න බෑ. ඒ කරන්න බැරි හේතුව තමයි මේවාට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවා.

ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා එවැනි අභියෝග ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්න ඕන ඇත්තටම කරන්න පුලුවන් නම් පමණයි.හොඳ වැඩපිළිවෙලක් නමුත් කොච්චර දුරට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයිද කියන එක මං දන්නේ නෑ”