අද (28) උදෑසන බොරැල්ල කනත්ත අසළදී පුද්ගලයෙකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුර සිදුකළ දොඹකරයේ රියැදුරු එම අවස්ථාවේදී ගංජා පානය කොට සිට ඇති බවට රිය අනතුරින් පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන බවත්, ඉතිරි පස්දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ද වෛද්‍යවරයා කියා සිටියේය.
බොරැල්ල කනත්ත වටරවුමේ අලෝක සංඥා පුවරු අසළ දැඩි රථවාහන තදබදයක් පැවති අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති අතර එහිදී දොඹකරය පළමුවෙන් ගැටී ඇත්තේ මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවකයි.
එය ඉන් අනතුරුව ඒ ආසන්නයේ තිබූ යතුරු පැදි 6ක සහ මෝටර් රථ 3ක් ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.
බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
