වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළත් වී ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමුකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මෙම දිනවල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසනවා.
මෙම වංචාකරුවන් විසින් පරිශීලිකයන් රවටා වට්ස්ඇප් OTP අංකය ලබා ගෙන ඔවුන් වෙත ව්‍යාජ පණිවුඩ යොමු කර මුදල් වංචා සිදුකරන බවයි විමර්ෂනවලදී අනාවරණය වී ඇත්තේ.
පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් දැනුවත්ව සිටින ලෙසයි.
එමෙන්ම පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයන් වෙත අන්තර්ජාල ගිණුම්හි OTP අංක ලබා නොදෙන ලෙසය.
