Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රකට හිමිනමක් අත්අඩංගුවට ගැනීමට සැරසෙයි

1 year ago

මෙයට වසර කිහිපයකට පෙර එක්තරා දේශපාලන පක්ෂයක ආරවුලක් නිසා එම පක්ෂයේ ලේකම් ධුරය දැරූ තැනැත්තා පැහැරගෙන යාම පිළිබඳ චෝදනා එල්ල වී ඇති දේශපාලනයට සම්බන්ධ ප්‍රකට හිමිනමක් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග වලින් වාර්තා වන බව “දේශය” පුවත්පත වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

මෙම සිදුවීමට අදාළව චෝදනා එල්ල වන සෙසු අය අතර හිටපු‍ අමාත්‍යවරයකු සහ හිටපු පොලිස්පතිවරයකු ද වන බව දැනගන්නට තිබේ. 

මෙලෙස පැහැර ගැනීමට ලක්වූ තැනැත්තා මේ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමට එවකට සිටි ජනාධිපතිවරයා මුණගැසී ආපසු යමින් සිටියදී පැහැර ගැනීම සිදුවූ බවට ආරක්ෂක අංශවලට පැමිණිලි කර ඇත. 

ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙය සැලසුම් කළ බවට චෝදනා එල්ල වන අදාළ හිමිනම ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.