ගැරඬිඇල්ල මාරක බස් අනතුරෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් දින 84කට පසුව ඊයේ (03) මියගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ බණ්ඩාරවෙල, රජකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් තිදෙනකුගේ පියෙක්.
බස් අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔහුගේ කකුල් දෙකම දනහිස අසලින් කපා තිබූ බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවූ අවස්ථාවේදීම ඔහුගේ බිරිය මරණයට පත්වූ බවද පවුලේ ඥාතීන් පවසනවා.
එම අනතුරෙන් මියගිය පුද්ගලයාගේ දරුවන් තිදෙනාද බරපතල තුවාල ලබා ඇති අතර මාස 06ක වයසේ පසුවන බාල දරුවා තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
එම දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවන් දෙදෙනා පියාගේ වැඩි මහල් සහෝදරිය භාරයේ සිටින බවයි සඳහන්.
ඉකුත් මැයි 11 වැනිදා ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මෙම මාරක අනතුරින් එදිනම පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
