මැති ඇමතින්ගේ දරුවන් සහ හිතවතුන් සඳහා ජනාධිපති අරමුදලෙන් විදේශීය විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය හෝ වෙනත් වැඩිදුර අධ්‍යාපනයට අරමුදල් ලබා දී ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදීයි.
ඒ රවින්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා අගමැතිනියගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
ඒ අනුව, එසේ මුදල් ලබාගත් නාමයන් සහ සංඛ්‍යාලේඛන තොරතුරු එහිදී ඔහු සභාගත කිරීමට කටයුතු කළා.
ඒ අනුව සභාවේ දැන ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් ඒ අතරින් නම් කිහිපයක් ඉදිරිපත් කළා.
2005 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා තම පුත්‍රයා වන පුත්‍රයා වන හර්ෂණ සුපුන් රාජකරුණාට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබා දී ඇති බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පෙන්වාදෙනවා.
2006 දී කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු මහතා තම ඥාති හිතවතෙකුටත් මුදල් ලබා දී ඇති බවට හෙළි කළා.
ඊට අමතරව 2006 වසරේදී රාධක්‍රිෂ්ණා නමින් කේ. රාධක්‍රිෂ්ණා විදේශ අධ්‍යාපන ශිෂ්‍යත්ව ජනාධිපති අරමුදලෙන් ලබා දී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම 2006 වසරේදී දේශපාලන සබඳතා මත දිනේෂ් දොඩංගොඩ නැමැත්තාට හා කේ.කේ.කේ.කේ.කේ පරණවිතාන යන අයට අ ශිෂ්‍යත්වය ලබාදී තිබෙන බවද ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව 2005 සිට 2014 දක්වා කාලය තුළදී, 2005 දී හැත්තෑ තුන් මිලියන හාරලක්ෂ තිස්පන්දහස් හාරසිය හයයි සත 61ක් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දී ඇති බවයි.
2006 දී හැට පන් මිලියන දහනවදහස් අටසිය අනූ හතක මුදලක් ලබා දී ඇති බවත්, 2007 දී හතලිස් දෙදෙනෙකුට තිස්තුන් මිලියන තුන්ලක්ෂ හතලිස් හත් දහස් හත්සිය අසූ තුනක් පමණ මුදල් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.
2008 දී දහඅට දෙනෙකුට එකොලොස් මිලියන පනස් පන්දහස් දෙසිය පනහක මුදලක්, 2009 දී සිව්දෙනෙකුට තුන් මිලියන නව ලක්ෂ පනස් දෙදහස් නවසිය හයක් ලබා දී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පෙන්වාදෙනවා.
2010 දී තිදෙනෙකුට තුන්මිලියන හාරලක්ෂයක මුදලකුත්, 2011 දී දෙදෙනෙකුට එක් මිලියන හය ලක්ෂයක්, 2012 දි දෙදෙනෙකුට තුන් මිලියන දෙලක්ෂ තිස්දහස් දෙසිය තිස් අටක් ලබා දී තිබෙනවා.
එමෙන්ම 2014 දී එක් පුද්ගලයෙකුට ලක්ෂ 7ක් ලබා දී ඇති බවට අමාත්‍යවරයා තොරතුරු හෙළි කළා.
ඒ අනුව ජනාධිපති අරමුදලේ මුදල් පොත් පරීක්ෂා කිරීමේදී, ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට සහ ඥාතීන්ට හිතවතුන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දී ඇති බවට නිරීක්ෂණය වන බවත් හත පුද්ගලයින් අතරින් ආචාර්ය උපාධිය අවසන් කර ලංකාවට නැවත පැමිණ ඇති පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බවත් අනුර කරුණාතිලක මහතා පවසා සිටියා.
ඒ අනුව විදේශ ශිෂ්‍යත්ව සඳහා ගොස් නැවත මෙරටට නොපැමිණි අය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැන නොමැති බව ඔහු පවසනවා.
එමෙන්ම නොපැමිණි පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නොමැති බැවින් ඔවුන් වෙනුවෙන් රජය විසින් දරන ලද මුදල් අය කර ගැනීම පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැන නොමැති බවට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
