Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ජනපති වෙත

1 year ago

පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී තිබෙනවා.

ඊයේම මෙම යෝජනා සම්මතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර ප්‍රකාශ කළේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර, යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් හිමි නොවීය.

එහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව නව පොලිස්පතිවරයාගේ නම අද දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව ඇත්තේ හෙට පස්වරු තුනටයි.