Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරැල්ලේ වෙඩි වරුසාවක් පත්තු වෙයි! 05ක් ‍රෝහලට!

1 year ago

බො‍රැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අද (07) පස්වරු 8.40ට පමණ වෙඩි තැබීමක් සිදු ව තිබේ.

මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් T 56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.