Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හද සසල කළ මාරක අනතුරක්! සිල් ගන්න ගිය දෙදරු පියා ජීවිතක්ෂයට! බිරිඳ රෝහලට!

1 year ago

අද (08) උදෑසන 6ට පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබු කාන්තාව මේ වනවිට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරින් මියගොස් ඇත්තේ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.

මොරගහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් සිල් සමාදන්වීම සඳහා විහාරස්ථානයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් හොරණ රෝහල මංසන්ධියෙන් දකුණු පසට හැරීවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබු අඹුසැමි යුවළ හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අනතුරට හේතුව වෑන් රථයේ අධික වේගය බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.