පොලිසිය සිදුකරන වැරැදි ගැන වීඩියෝ සහිතව රහසේ පැමිණිලි කළ හැකි වට්ස්ඇප් අංකයක් මේ සතියේදී හඳුන්වාදෙන බවත් රථවාහන වැරැදි පමණක් නොව පොලිස් නිලධාරීන් කරන ඕනෑම වරදක් ඒ හරහා යොමුකළ හැකි බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවැසීය. ඌව පළාත් අපරාධ කොට්ඨාසය, බදුල්ල පොලිසියේ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම පෙරේදා (09 වැනිදා) වැඩ බලන පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් සිදුවූ අතර එම වැඩසටහනින් පසු මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.
මාධ්‍යවේදියා – මහජනතාව දෙන තොරතුරුවල රහස්‍ය භාවය පොලිසිය විසින් රකින්නේ නැහැ කියල ජනතාවගේ චෝදනාවක් තියෙනවා නේද?
වැ.බ. පොලිස්පතිවරයා – සියයට සීයක් නැහැ කියන්න බැහැ. ඒකට අපි ක්‍රමවේදයක් සකස් කරල තියෙනවා. පොලිසියේ අංකයක් ලබාදීල තියෙනවා. ඒකෙ මේ වෙන කල් තොරතුරු ලබාදුන් අය පොලිසිය විසින් හෙළිකළා කියලා අපට කිසිම පැමිණිල්ලක් ලැබී නැහැ. තොරුතුරු ලබාදුන් පුද්ගලයා අනාවරණය කළා කිව්වොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරලා ඒ නිලධාරියාට විරුද්ධව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්න කිසිම ආකාරයක පැකිලීමක් වෙන්නෙ නැහැ.
මහජනතාවට තොරතුරු ලබාදෙන්න ක්‍රමවේද කීපයක්ම හඳුන්වාදීලා තියෙනවා. එකක් තමයි ඔන් ලයින් ක්‍රමයට පැමිණිලි ලබාදීම. මම මේ සතිය ඇතුළත වට්ස්ඇප් මගින් තොරතුරු ලබාදීමේ පහසුකමත් සලසනවා. නිලධාරින් වැරැදි කරනවානම් නිලධාරින්ගෙන් අකටයුතුකම් මහජනතාවට සිදුවෙනවානම් ඒ තොරතුරු දෙන්න ට්‍රැෆික් වැරැදි විතරක් නොවෙයි වෙනත් වැරැද්දක් තියෙනවානම් වීඩියෝ කරලා එවන්න. ඒකටත් පොලිසිය ඇප් එකක් හඳුන්වාදී තිබෙනවා. ඒකත් දැන් ඉතාම ජනප්‍රියයි. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
(source – aruna)
