මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තැබීමකින් බරපතළ තුවාල තුවාල ලැබූ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට මීගොඩ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට ඝාතකයින් පැමිණි බවට සැක කරන මෝටර් රථය සමග එක් සැකකරුවකු තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු සමග පිස්තෝල වර්ගයේ ගිනි අවිය පොලීසිය බාරයට ගෙන ඇතැයි පොලීසිය සදහන් කළා.
මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ තලංගම – කොස්වත්ත පාලම් තුන ප්‍රදේශයේ දීයි.
මීගොඩ ,ගැහැනුවල ප්‍රදේශයේදී අද දහවල් 1.00 ත් 1.30 ත් අතර කාලයේ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
ජීවිතක්ෂයට පත් වූ ශාන්ත මුදුන්කොටුව මහතා 46වන වියේ පසු වූ අතර ඔහු වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
