Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්ගෙන් 22.4%ක් තනිකමෙන් පෙළෙනවා! සෞඛ්‍ය අංශ වෙතින් අනාවරණයක්!

1 year ago

මේ වනවිට පාසල් සිසුන් විවධ මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ (වැ.බ) විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න පවසනවා.

එමෙන්ම දරුවන්ගෙන් සියයට 75කට තමන්ගේ ප්‍රශ්න කතා කිරීමට සමීපතම කෙනෙක් නොමැති බව නිසා මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවේ.

ඇය එහිදී මෙසේද සඳහන් කළා,

”ලංකාවේ 05 ශිෂ්‍යත්වයේ සිට වැඩියෙන්ම ළමයි මානසික ආතතියට ලක්වෙන්නේ. ඊට පස්සේ තරුණ අවධියට, වැඩිවියට පැමිණෙන කොට නැවත එක එක හේතු නිසා මානසික ආතතියට පත්වෙනවා.

2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය සමීක්ෂණයක් තිබ්බා එතනදී අපේ දරුවන්ගේ දත්ත බැලුවහම ඒ ගැන සැලකීමට පත්වුනොත් හොඳයි කියලා හිතෙනවා. 22.4%ක් දරුවෝ තනිකමින් පෙළෙනවා, මේ පාසල් යන අවුරුදු 13 – 17 වයස්වල ළමයි. ඒ එකක්ම 11.9%ක් කිව්වා රෑට චුට්ටක් නිදාගන්න අමාරුයි එයාලා මොනවාහරි දේකට කනස්සල්ලට පීඩාවට පත්වෙන නිසා නිදාගැනීම අපහසුයි කියලා. 18%ක් විතර විශාදය ලක්ෂණ පෙන්නුම් කරලා තිබුණා. 7.5%කට සමීප මිතුරෝ නෑ. 25%ක ළමයි කියලා තිබුණා ඒ අයට ඉන්නවා හිතේ තියෙන ගැටලුවක් කතා කරන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ 75%ක දරුවන්ට ඒ අයිතිය නෑ. ඒ වගේ සමීප කෙනෙක් නෑ.

ඉතින් මේ අපේ ලංකාවේ මෙහෙම වෙන්න පුළුවන් ද කියලා ඇත්තටම හිතෙනවා. දැන් දරුවන් ලොකු පීඩනයකින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ එක්කම වැඩිහිටියොත් පීඩනයකින් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම යෞවන වයසේ අයගේනම් තියෙන්නේ සම්බන්දතා නිසා ඇතිවෙන ගැටළු. පවුල්වල අඩදබර, පියාගේ බීමත්කම, ගෘහස්ත හිංසනය නොයෙකුත් සමාජ කරණා ආතතියට බලපාන්න පුළුවන්.”