Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු අධ්‍යාපන සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්

1 year ago

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගුරු අධ්‍යාපන සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් වෙනුවෙන් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව පවසනවා.

ඉකුත් දා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර තිබුණා.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් පිළිබඳව ගැටලු‍ සහගත තත්ත්වයන් පවතින බව සඳහන් කර ඇත.

එසේම ඔවුන් එහිදී පෙන්වා දුන්නේ උතුරු මැද පළාත සඳහා ඉකුත් දා පත්කළ නිලධාරීන් 6 දෙනෙකු අතරින් 5 දෙනෙක් නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවයි.