සිය ආදායමට වඩා වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සමීපව ඇසුරුකරන උසස් පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා ඉහළ නිලධාරීන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුවන බවයි වාර්තා වන්නේ.
එම විමර්ශනවලදී හඳුනාගනු ලබන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දැනුම් දීමට කටයුතු කරන අතර නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළා.
ඒ අනුව එලෙස හඳුනා ගන්නා නිලධාරීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දැනුම්දීමටත්, නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශන පැවැත්වීමටත් කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
