Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොණරාගලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි! අයෙක් මරුට! 22ක් රෝහලට! (ඡායාරූප)

1 year ago

මොණරාගල – වැලියාය ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 22 දෙදෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, තඹාන සිට මොණරාගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ විනෝද චාරිකාවට පැමිණි පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 13ක්, පිරිමි පුද්ගලයින් 06ක් සහ කුඩා දරුවන් තිදෙනෙකු ද වනවා.