Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

1 year ago

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරගෙන යනු ලබන විශේෂ පොලිස් මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) දිනය තුළ සිදුකරන ලද මෙම මෙහෙයුම් මගින් අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකු හා වරෙන්තකරුවන් 242 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා. මීට අමතරව අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 158ක් බව පොලීසිය පවසනවා.

මේ අතර බීමත් රියදුරන් 100ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුනය ගෙන තිබෙනවා. රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3,635ක් සඳහාද පොලීසිය නෛතික පියවර ගත්තා.