Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස්පතිට පමණක් දෙවැනි වන තනතුරට තුන්කොන් සටනක්

1 year ago

පොලිස්පතිට පමණක් දෙවැනි වන පොලිසියේ පරිපාලන අංශ ප්‍රධානී ධූරය තුන්කොන් සටනක් ඇතිවී තිබෙනවා.

මෙම ස‍ටනේ නිරතව සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්.

ඒ අතරින් දෙදෙනෙක් පොලිස්පතිවරයාගේ සමකාලීනයන් වේ.

ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන ප්‍රධානී ධූරය පොලිස්පතිවරයාගෙන් පසු පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

එය ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී පමණක් වෙනස් වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිගෙන් පසු සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වන අතර ඔහු විසින් මේ වන විට පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ධූරයේ වැඩ බලයි.

2024 වසරේ ජූලි 18 වෙනිදා සිට ‍පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ධූරය හිස්වූවත් ඊට ස්ථිර නිලධාරියෙක් පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර නොගත්තා.