Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු! ටෙන්ඩර් වංචාවක් පිළිබඳව චෝදනා!

1 year ago

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් 2015දී පොහොර සංස්ථාවේදී සිදු වූ ආර්ථික අක්‍රමිකතා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සැලසුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 8ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතය.

විමර්ශනයට ලක් වූ ටෙන්ඩරයක් අනුමත කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි මහතා කටයුතු කර තිබේ.

අදාළ ටෙන්ඩරයේ ගෙවීම් ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් සැක මතුවීමත් සමඟ මෙම විමර්ශනයන් ආරම්භ වී ඇති බව සඳහන්.

මේ අතර පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට පිළිතුරු ලබාදීමක් සිදු කර තිබුණා.